Friday, November 21, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 3



Guitar_lessons_manage_pintharuwa







සුභ දවසක් සියළු දෙනාටම. අද කතා කරන්න යන්නෙ මම කලින් ලියන ලද  ගිටාරය හා සම්බන්ධ ලිපි මාලාවේ තුන්වෙනි ලිපියයි. මෙම ලිපි මාලාවේදී මනා විසින් තවමත් කතා කරමින් සිටින්නේ මේජර් සහ මයිනර් කෝඩ්ස් ගැන පමණයි. මෙම කෝඩ්ස් වර්ග දෙක අල්ලන ආකාරයන් ඉගෙන ගත් පසුව අනෙක් කෝඩ්ස් වර්ග ඇල්ලීමට ඉතාමත්ම පහසු බව ඔයාල මතකයේ තබා ගන්න. වමත් සහ දකුණත් යන ගිටාර් වාදකයින් දෙගොල්ලන්ටම කිසිම අපහසුවකින් තොරව කතා කරන කරුණු සියල්ලම ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන ලෙස  මෙම ලිපියේ සිට ඉදිරියට ලියන්න මනා කල්පනා කලා. විශේෂයෙන් ඔබ වමත හුරු පුද්ගලයෙකුනම් මෙතනින් ගිහින් වමත් ගිටාර් වාදනය පිලිබඳ මුලික කරුණු බලල මේ ලිපිය කියවන්න.  ඔයාලට මතක ඇති ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පෝස්ටුවේදී මම කිවා ගිටාරයේ මේජර් සහ මයිනර්  කෝඩ්ස් ඇල්ලිය හැකි තවත් ක්‍රම තිබෙනවා කියල. ඉතින් අද ලිපියෙන් කතා කරන්න යන්නෙ ඒ ක්‍රම වලින් තවත් එක ක්‍රමයක් ගැන. අපි බලමු මොකද්ද ඒ ක්‍රමය කියල.

සංගීතයේ ස්වර පිළිබඳව ඔබට දැන් හොඳ දැනුමක් තියෙනවා කියල මනා විශ්වාස කරනවා. කුමක් හරි ගැටළුවක් තිබෙනවානම් එම ලිපිය නැවතත් මෙතනින් ගිහින් බලන්න. අපිට සංගීතයේ ස්වර දොළහ ඕනෑම ස්වරයකින් පටන්ගෙන ඉදිරියට ලියන්න පුළුවන් බව ඔබ මේ වන විට දන්නවා. උදාහරණයක් විදිහට පහත රුපය බැලුවම ඔයාලට මම කියන දෙය තේරුම් ගන්න පුළුවන් වෙයි. 



ඉහත රුපයේ කතා කරපු දෙය ටිකක් වැදගත් වෙනවා මෙම ලිපියෙදි ඉදිරියට කතා කරන ඒවා අවබෝධ කරගන්න. හරි, ඔයාලට මතක ඇතිනේ මම ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පාඩමේදි  කතා කලා A මේජර් සහ B මේජර් ඒ වගේම A මයිනර් සහ B  මයිනර් කෝඩ්ස් වර්ග දෙක අල්ලන හැටි ඕපන් කෝඩ්ස් යටතේදී. ඒ කෝඩ්ස් දෙක මම මෙම ලිපියෙදිත් නැවත පල කරනවා ඔන්න.

A_major_B_major_open_chords
              

A_major_B_major_open_chords


Am_Bm_open_chords


Am_Bm_open_chords



ඔය තියෙන්නෙ ගිටාර් කෝඩ්ස් අල්ලන මුලික ක්‍රමයක්. අපි අද කතා කරන්නෙ අන්න ඒ කෝඩ්ස් අල්ලන ක්‍රමය ගැන. අපි ඒ ගැන ගිටාරයේ ස්වර පුවරුවත් එක්කම දැන් කතා කරල හොඳින් අවබෝධයක් ලබා ගනිමු . පහත රුපයේ දැක්වෙන්නේ ගිටාරයේ ස්වර පුවරුවේ එක් එක් ෆ්රෙට් (Frets) වලට අදාලව ශුද්ධ ස්වර ටික යෙදිල තියෙන හැටි.

guitar_fret_board_managapintharuwa


මිට කලින් කතා කරපු පොස්ටුවේදීත් මම ඔයාලට මේක ගැන කීව. අද අපි ඉගෙන ගන්න යන ක්‍රමයට ඕනෙ වෙන ස්වර ටික තමයි මෙහි රතු පාටින් Highlight කරල තියෙන්නෙ. දැන් ඔයාල පොඩ්ඩක් අවධානයෙන් බැලුවොත් තේරුම් යාවි මෙහි උඩින්ම තියෙන (2 වෙනි ෆ්රෙට් එකේ) A (ධ) ස්වරය මුලික කරගෙන තමා මෙම ලිපිය ආරම්භයේදී කීව ඕපන් කෝඩ්ස් වල තියෙන A මේජර් කෝඩ් එක හැදිල තියෙන්නෙ. ඒ වගේම හතරවෙනි (4) ෆ්රෙට් එකේ තියෙන B (නි) ස්වරය මූලික කරගෙන තමයි B මේජර් කෝඩ් එක හැදිල තියෙන්නෙත්. ඉතින් ඔන්න ඔය ක්‍රමය භාවිතා කරලා මේජර් කෝඩ්ස් අල්ලන හැටි තමා ඔය කතා කලේ. ඒ ක්‍රමයට මයිනර් කෝඩ්ස් අල්ලන විදිහ අපි දැන් බලමු.

ඉහත ඡේදයේ සඳහන් කරපු විදිහටම තමා A මයිනර් සහ B මයිනර් කෝඩ්ස් හැදිලා තියෙන්නෙත්. දෙවෙනි (2) ෆ්රෙට් එකේ තිබෙන A (ධ) ස්වරය මුලික කරගෙන A මයිනර් කෝඩ් එකත්, හතරවෙනි (4) ෆ්රෙට් එකේ තියෙන B (නි) ස්වරය මුලික කරගෙන B මයිනර් කෝඩ් එකත් හැදිල තියෙනවා.  

ඉතින් තවත් ටිකක් ඔයාල හොඳින් කල්පනා කරල ඉහත රුපය බැලුවොතින් තේරුම් යාවි ඔය ස්වර පුවරුවේ රතු පාටින් තියෙන ඉතිරි (2 වෙනි ෆ්රෙට් එකේ A ස්වරයත්, 4 වෙනි ෆ්රෙට් එකේ B ස්වරයත් හැර) ස්වර ඔක්කොම ඔය ක්‍රමයට ඇල්ලුවොතින් පිලිවෙලින් C මේජර්, D මේජර්, E මේජර්, F මේජර්, G මේජර් සහ C මයිනර්, D මයිනර්, E මයිනර්, F මයිනර්, G මයිනර් යන කෝඩ්ස් ටික හදාගන්න පුළුවන් නේද කියල. ඔව් ඇත්තටම එහෙම තමා ඔය ක්‍රමය භාවිතා කරද්දි ඉතුරු කෝඩ්ස් ටික හදා ගන්නෙ. 

ඒ වගේම ඔයාල මෙහිදී සිහියේ තබා ගන්න ඕන අනිත් කරුණ තමා මෙම ස්වර පුවරුවේ තිබෙන ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් වලටත් ඔය කරුණ අදාළ බව.එම ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් ඉහත රුපයේ සඳහන් කරල නැත්තෙ එම රූපය සංකීර්ණ වන නිසයි. ස්වර පිලිබඳ අවබෝධයෙන් ඔයාලට ඒ ස්වර ටික ඔය රුපයේ යෙදෙන හැටි හිතාගන්න පුළුවන් නෙ.

හරි අපි දැන් දැන ගන්න ඕන වැදගත් තොරතුරු ටික කතා කරල ඉවරයි. දැන් බලමු මෙම ක්‍රමයේදී ඇඟිලි ස්වර පුවරුව මත තබා ගන්න පිළිවෙල. 

right_hand_guitar


left_hand_guitar


මෙම ක්‍රමය අනුගමනය කරල මේජර් සහ මයිනර් කෝඩ්ස් වාදනය කිරීමේදී ඉහත රුපයේ විදිහට ඇඟිලි තබා ගැනීමට අනිවාර්යයෙන්ම පුරුදු විය යුතුයි. අපි දැන් බලමු මෙම ක්‍රමයට අනුව මේජර් සහ මයිනර් කෝඩ්ස් තියෙන විදිහ. මෙහිදී මම ඔයාලට පෙන්වන්නෙ මුලික ස්වර හතට (C , D , E ,F ,G , A ,B ) අදාල කෝඩ්ස් ටික පමණයි. දැන් ඔයාලට තියෙන ස්වර සම්බන්ධ දැනුම භාවිතා කරල ෆ්ලැට්/ ෂාප් නෝට්ස් වලට අදාල කෝඩ්ස් ටික හදා ගැනීමේ හැකියාව  තියෙනවා. 

දකුණත් කරුවන් සඳහා මේජර් කෝඩ්ස් | වමත් කරුවන් සඳහා මේජර් කෝඩ්ස් 



C_D_Major_chord

E_major_chord

F_G_major_chord


A_B_Major_chord



 දකුණත් කරුවන් සඳහා මයිනර් කෝඩ්ස්        |       වමත් කරුවන් සඳහා මයිනර් කෝඩ්ස් 



Cm_Dm_chord

Em_Fm_chord

Gm_Am_chord

Bm_chord

                                              

ඉහත තිබෙන සියළුම කෝඩ්ස් දිහා බැලුවම සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපි කොහොමද බොක්ස් ගිටාර් එකකින් මේ දාල තියෙන කෝඩ්ස් ඔක්කොම අල්ලන්න පුරුදු වෙන්නෙ කියල. එහෙම හිතෙන එක හරිම සාධාරණයි. මොකද දන්නවද ඔය තියෙන ක්‍රමයට අනුව G මේජර්/මයිනර් කෝඩ් එකෙන් එහාට වාදනය කිරීමට ගොඩක් බොක්ස් ගිටාර් වලින් කරන්න බැරි දෙයක් (එහෙම පුළුවන් බොක්ස් ගිටාරුත් තියෙන බව මතක තබා ගන්න). ෆ්රෙට්ස් අංක කර තිබෙන ආකාරය දෙස බැලුවහම ඔයාලට මම කියන එක තේරුම් ගන්න පුළුවන් වෙයි.නමුත් ඉලෙක්ට්‍රික් ගිටාර් එකකින් ඉතාමත්ම පහසුවෙන් ඔය සියළුම කෝඩ්ස් වාදනය කිරීමේ හැකියාව තියෙනවා කියලත් මතක තියාගන්න. 
තින් ගිටාරය වාදනය කිරීමේදී මතුවෙන ඔන්න ඔය වගේ ගැටළු නිසා තමයි එකම කෝඩ් එකක් වාදනය කිරීම සඳහා ක්‍රම කිහිපයක් හදල තියෙන්නෙ සහ එහෙම හදාගන්න පුළුවන් විදිහට ගිටාර් එකේ තත් (Strings) සුසර (Tune) කිරීම සඳහා ස්වර තෝරල තියෙන්නෙ.එහෙම නැතුව කෙනෙක් එක ක්‍රමයක් පමණක් පුරුදු වූ පමණින් ඔහුට/ඇයට ගීතයක් හෝ සංගීත නිර්මාණයක් වාදනය කිරීම ඉතාම අපහසුයි. ඉතින් අපි තව ක්‍රම කිහිපයක් ඉදිරියටත් ඉගෙන ගෙන අභ්‍යාස කිහිපයකට යමු. එහෙම නැතුව ක්ෂණික නුඩ්ල්ස් වගේ ඉක්මනට මේ ක්‍රම ඉගෙන ගන්න ගියෝතින් ඔයාලට ගිටාරය දිහා බලන්නවත් හිතෙන එකක් නෑ, එහෙම  නැතිනම් ගිටාරය වාදනය කරන්න ඉගෙන ගත්තත් කිසි කමකට නැති මෙලෝ රහක් නැති වාදකයෙක් වීමේ ඉඩකඩ බොහොම වැඩියි :D. 

ඉතින් මනා  එහෙම කට්ටිය බිහි වෙනව දකින්න ආස නැති කෙනෙක්. කෙනෙක්ගෙ හිතට දැනෙන විදිහට වාදනයක් ඉදිරිපත් කරන්න සිංහලෙන්ම කියනවනම් හොඳ රහට වාදනය කරන්න පුළුවන් දක්ෂ දැනුමෙන් සන්නද්ද වාදකයෙක් බිහි කරන එක තමයි මානාගෙ එකම අරමුණ. ඉතින් ඉදිරියටත් පින්තාරුව සමග රැඳී ඉන්න කියල ඔයාලට කියන ගමන් මෙම පොස්ටුව අවසන් කරනව. ජය වේවා!!!

ප.ලි :- කිසියම් ගැටළුවක් ඇති තැනක් තියෙනවනම් කමෙන්ටුවකින් කියන්න අමතක කරන්න එපා.

19 comments :

  1. තියරිම නැතුව ප්‍රැක්ටිකල් ටිකකුත් දාන්ඩෝ... නැත්තම් බොරින් වෙනවා වගේ.....

    ReplyDelete
    Replies
    1. බෝරින් කරගන්න එපා. ඊළඟ පෝස්ට් එකෙන් ප්‍රැක්ටිකල් එකක් තමා කොහොමත් දාන්නෙ ;)

      Delete
  2. සින්දුවක් ගහන විදිය දාපියෝ........................

    ReplyDelete
    Replies
    1. දානව දානව :D. ඊළඟ පෝස්ට් එකේදී කවුරුත් ආස කරන ලස්සන සින්දුවක් දැනට ඉගෙන ගත්ත ඕපන් කෝඩ්ස් වලින් ප්ලේ කරන හැටි දානව ;) එතකන් පොඩ්ඩක් ඉන්ඩෝ......

      Delete
  3. මනෝ මගේ ඇඟිලිත් කැපුනා මචෝ පුහුණු වෙන කොට .දැන් ඒවා සනීප වෙනකල් ඉන්න ඕනා ....
    සින්දුවක් දාපියෝ ....
    (කෝඩ් මාරු කරන්නත් කියලා දියෝ )

    ReplyDelete
    Replies
    1. මට ඔය සීන් එක ගැන මේ පෝස්ට් වලදී කියන්න අමතක උනා. ඕක සාමාන්‍ය සිද්දියක් මචෝ. ඇඟිලි තුඩු වල හම ගිහින් ඊට පස්සෙ කැපෙන්න ගන්නවා. ඕක හොඳ උනාට පස්සෙ ආයේ එහෙම කපෙන්නෙ නෑ. ඊට පස්සෙ ඇඟිලි තුඩු පදම් වෙනව.හැබැයි ඊට පස්සෙ ඇඟිලි තුඩු කැපෙයි කියල බයේ ප්‍රැක්ටිස් නොකර ඉන්න එපා :D. මම ඊළඟ පෝස්ට් එකෙන් දාන්නෙ ප්‍රැක්ටිකල් එකක් තමා මචෝ. ජය වේවා!!!

      Delete
  4. දැන් ඔය කෝඩ් කොහොම හරි අල්ලනවා කියමුකෝ .. ස්ට්‍රමින් කියන්නේ මොකටද එතකොට?

    (ගොන් ප්‍රශ්නයක් නම් සමාවෙන්න.)

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක් පුජිත. මම ස්ට්‍රමින් ගැන කිසි දෙයක් මේ වෙනකම් කිව්වේ නෑ.මම ඊළඟට දාන පෝස්ට් එක ප්‍රැක්ටිකල් එකක්. අන්න එතැනදී මම ස්ට්‍රමින් ගැන කතා කරන්න පටන් ගන්නව. ඒක ගැන කතා කරන්න අනිවාරයෙන්ම ප්‍රැක්ටිකල් එකකට යන්න ඕන කියන එක තමා මගේ අදහස. අපි බලමු ඔය ඔක්කොම ගැන හරියට ඉගෙන ගන්න. ඔය වගේ ප්‍රශ්ණ අහන්න මැලි වෙන්න එපා :D. මොකද මටත් සමහර දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්. ජය වේවා!!!

      Delete
    2. තෑන්ක් යූ වේවා .

      Delete
  5. මනා , පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඔබේ දෙවෙනි ලිපිය ලංකානිව්ස්වෙබ් එකේ දාන්න අමාරුයි. පින්තුර වැඩි නිසා upload කරන්න අමාරුයි. ලිපිය කෑලි දෙකකට දාන්න බැරිද? ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දාන්න පුළුවන් අජිත් අයිය. කොහොමද ඒක කරන්නෙ? අළුත් පොස්ට් දෙකක් විදිහට දාල ඒ දෙක ලින්ක් කරන්නද? තියෙන පොස්ට් එක දෙකට කඩන්නෙ කොහොමද? jump break එක පාවිච්චි කරලද ඒක කරන්නෙ?

      Delete
    2. මම page දෙකකට ඒ පෝස්ට් එක හැදුව.දැන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ :).

      Delete
  6. දැන් දෙකයි තුනයි කියන්නේ ඒ දෙකද ? මේකට ලංකානිව්ස්වෙබ් එකේ පාඨකයන්ගේ හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා කියල මට කතුතුමා කිව්වා. ,

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. තිබ්බ පෝස්ට් වල අංක ඒ විදිහටම තියෙනවා කිසිම වෙනසක් කලේ නැහැ. මම දෙවෙනි පොස්ට් එක(ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2) pages 2ක් විදිහට edit කලා විතරයි. ඒ පෝස්ට් එකට ගිහාම දෙවෙනි පිටුවට යන්න ක්ලික් කරන්න කියල මම පහළින් සඳහන් කරල තියෙනව. දැන් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මම හිතන විදිහට. බොහොම ස්තුතියි ඔබතුමාට කරපු උදව්වට :)

      Delete
  7. නියම වැඩක් සහෝ

    ReplyDelete
  8. නියම වැඩක් සහෝ

    ReplyDelete
  9. Mta balagena rhythem ghnna puluvn eth mta dn lead ghnna igena gnna one

    ReplyDelete
  10. එල මාත් මුලින් ක්ලාස් ගිහින් අල්ලගන්න හදුවෙ එත් ඒ සර් සල්ලි වෙනුවෙන් කරන්නෙ කියලා තේරුණ.මං දැං උබෙ පෝස්ට් වලින් ඉගෙන ගන්නෙ ජයවේවා

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.